කොළඹ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප්‍රකට රූපලාවන්‍යාගාරයෙන් ප්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රියංගි අලූත්ගේ(47) නමැති වෛද්‍යවරියක ප්ලාස්ටික් සැත්කමට සූදානම් කළ එන්නතක් විෂවී ඊයේ(12) හදිසියේ මියගිය පුවතක් දැනගන්නට ලැබුණි.
අදාළ වෛද්‍යවරියගේ මුහුණේ ඇස අවට සම රැලි වැටීම සකස් කර පැහැපත් පෙනුමක් ලබාගන්නට එම ආයතනයට ගොස් තිබුණු අතර එය පවත්වාගෙන යන නිමල් ගමගේ නමැති ප්‍රසිද්ධ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා ඇගේ උදර ප්‍රදේශයෙන් සම කොටසක් කපා බද්ධ කර මෙම ප්ලාස්ටික් සැත්කම කරන්නට සැලසුම් කර තිබු බව වාර්තා විය.
ඒ අනුව නාවල සේනානායක පාරේ පදිංචි දෙදරු මවක වන වෛද්‍ය ප්‍රියංගි ඊයේ(12) පස්වරු 1.00 ට පමණ විශාඛා පාරේ පිහිටි මෙම ආයතනයට ගොස් තිබුණා.
පසුව ඇයව සැත්කම සඳහා සූදානම් කරන්නට වෛද්‍යවරයාගේ අනුදැනුම මත ප්‍රතිජීවක ඖෂධයක් එන්නත් කර තිබුණේ සවස 3.00 ට පමණය. නමුත් එම ඖෂධය ඇයට ආසාත්මික වූ අතර ඇය එම ඖෂධය ලබාගැනීමෙන් පසු නොයෙකුත් අපහසුතාවන්ට ලක්ව කැස්සක් සමග වේදනාවෙන් කෑගසා ඇති බව වාර්තා වෙයි.
මේ අවස්ථාවේ ඇයට ප්‍රතිකාර ලබාදෙන්නට නිමල් ගමගේ වෛද්‍යවරයා හැකි ආකාරයෙන් උත්සාහ කර තිබුණ නමුත් මිනිත්තු 10 ක් පමණ ඇතුළත ඖෂධය විෂවූ වෛද්‍යවරිය මිය ගිය බව සඳහන් වෙයි.
කලබලයට පත් වෛද්‍ය නිමල් ගමගේ සිද්ධිය පොලිසියට දැනුම් දුන් අතර පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කර පසුව රාත්‍රී 7.00 ට පමණ දේහය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නට පශ්චාත් මරණ පරීක්ෂකවරුන්ද පැමිණ තිබේ.
පොලිසිය සපයාගත් තොරතුරු වලින් පසු අලූත්කඩේ උසාවි නියෝගයකින් ඊයේ(12) රාත්‍රී වෛද්‍ය නිමල් ගමගේද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් මේ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම් මේ වනවිට සිදු කර තිබෙනවා.
වෛද්‍ය නිමල් ගමගේ විසින් සිදුකිරීමට නියමිතව තිබු එවැනි සැත්කමක් පහත වීඩියෝවේ දැක්වෙයි.