ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ජර්මනිය හමුවේ දැවැන්ත පරාජයක් 7 – 1ක් ලෙස ලබමින් සත්කාරක බ්රසීලය අද අළුයම අවසන් මහා තරඟයට පිවිසීමේ බලාපොරොත්තු සුන්කර ගනිමින් තරඟාවලියෙන් ඉවත් විය.
මෙම තරඟය සමස්ත බ්රසීල ජනතාවගේම නෙත් කඳුළින් තෙත් කළ බව නොකිව යුතු නොවේ. බ්රසීල පාපන්දු ඉතිහාසයේ ඔවුන් ලද දරුණුම පරාජය බව විචාරකයින් මෙය අර්ථකතනය කරන ලදී.
මෙම තරඟයේ පළමු විනාඩි 29 තුළ ගෝල 05ක් රැස්කිරීමට ප්රතිවාදී ජර්මනිය සමත්වූ අතර තරඟය නිමාවන විට සත්කාරක බ්රසීලය රැස්කර ගෙන තිබුණේ එක් ගෝලයක් පමණි.