ඉසුරු අබේවර්ධන පදනම විසින් හතරවෙනි වරටත් අති සාර්ථකව ලොකු ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් සංවිධානය කළා. මේ දන්සැල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය , බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි , නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම , හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ , නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් P විජේවීර යන මහත්මයින්ගේ ප්‍රධානත්වයෙන් තමයි තිබුනේ. එපමණක් නොවෙයි දිනක්ෂි ප්‍රසාද් වගේ නම ගිය කලාකාරයෝ ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් දන්සැලේ වැඩ ආරම්භ කරමින් දිනක්ෂි ප්‍රසාද් සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හරි අපූරුවට දන්සලට ආපු අයට කෑම බෙදුවා.
