Gossip

”රංගනගෙන් ප්‍රවේශම් වන්න ”

rrr

එළඹෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියේ දී ටෙස්ට් තරගවලදී රංගන හේරත් පා දඟ පන්දු යවන්නකු ලෙස වඩාත් බලපෑමක් ඇති කරනු ඇතැයිද ඔහුගේ පන්දු යැවීම ගැන වඩාත් අවධානයක් යොමු විය යුතු බවද හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් වේග පන්දු යවන ක්‍රීඩක රොඩ්නි හොග් පවසයි.

කෙසේ වුවත් එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු පිල වේගපන්දු යවන්නන් හය දෙනකුගෙන් සමන්විත වීමත්, දක්ෂ පා දඟ පන්දු යවන්නෙකු එක් නොකිරීමත් ගැන රොඩ්නි හෝග් තම අසතුට පළ කරයි.

වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කරන රොඩ්නි හෝග් වැඩිපුර වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා සංචාරයට එක් කිරීම ලොකු ගැටලුවක් බවත්, ඒ තුළින් ජයග්‍රහණ ලබා ගැනීමට අපහසු වනු ඇති බවත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා තණතිලි බොහෝ විට දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වන නිසා වැඩිපුර වේගපන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තැබිම තමාට ලොකු ගැටලුවක් බවද රොඩ්නි හෝග් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගය ජූලි 26 දා පල්ලෙකැ‍ලේ දී ඇරඹෙන අතර ප්‍රථම පුහුණු තෙදින තරගය ජූලි 18 දා ඇරඹීමට නියමිතය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!