පසුගිය සිකුරාදා දිනයේ රාත්‍රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්‍රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාවට අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනා.
ත්‍රස්තයින් පුරා පැය 12 කට අධික කාලයක් අවන් හලේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර මුස්ලිම් නොවන අය තෝරා බෙලිකපා ඝාතනය කරා තිබුණා.ඔහොම මරල දාල තියෙන අය අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිදුකරන ළමයි 3දෙනෙක් ඉඳල තියෙනවා . එක්කෙනෙක් ගැනමේ වන විටත් ඔයාලා දන්නවා. ඒ ඉන්දියානු තරුණිය ටරිෂි.
මෙහෙම මරා දාපු අනිත් දෙන්නා තමයි අබින්ටා කබීර් සහ ෆරාස් හුසේන් කියන සිසුන් දෙන්නා.
අබින්ටා තරුණියක්. ෆරාස් කියන්නේ තරුණයෙක්. අබින්ටා මේ අවන්හලට යන්න කලින් එයාගේ නෑදෑයෙක්ට කියල තියෙනවා නිවාඩුවට ඩකා නුවරට යනවා කියල ඔහොම ගිහින් තමයි මරණයට ගොදුවූ වෙලා තියෙන්නේ.
මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් ඉවර වෙලා තමයි මෙයා ගිහින් තියෙන්නේ. මෙයා අමෙරිකානු ශිෂ්‍යාවක්. කොහොමහරි ඉතින් ඔහොම අවන්හලට ගිහිපු දෙන්නටම අත්වුණේ මරණය විතරයි. යන්න කලින් මෙයාලගේ facebook එකෙත් මේ ගැන දාල තිබුණා.
