අනුරාධපුර දුෂ්කර ගම්මානයට තම වියදමින් පාසලක් හදාදුන් “රොෂාන් මහානාම”
බොහෝ අය ප්‍රසිද්ධියට වැඩ කරන කාලයේ ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම නිහඩවම කරන ලද සේවයක් ගැන අපට අසන්නට ලැඛෙනවා.
අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගමකට සිය වියදමින් පාසලක් තනා දීමට මහානාම කටයුතු කර තිබුනේ කාටවත් රහසේමය. ඔහු එය විවෘත කර මාධ්‍ය වල ඡායාරූප දමන්නට ගියේද නැත. රොෂාන් මහානාම සමග හිතවත් චමින්ද වාස් සහ උපුල් චන්දන සමග එම පාසල බලන්නට ගිය ගමනකදී ලබාගත් ඡායාරූපයක් වාස් අන්තර්ජාලයට හුවමාරු කිරීම නිසා ඒ ගැන අපට දැනගන්නට හැකිවිය.
අනුරාධපුර උතුරේ පදවිය ප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගම්මානයක් වන වෙහෙරතැන්න ප්‍රදේශයේ මෙම පාසල පිහිටා ඇති බව කියැවේ. එය ප්‍රාථමික පාසලකි.
එම පාසල නොතිඛෙන්නට ඒ අවට ප්‍රදේශ වාසී දරුවන්ට පාසලක් වෙත දිනපතා යන්නට සිදුවන්නේ කිලෝමීටර 14 ක් දුෂ්කර ලෙස ගමන් කිරීමෙනි.
මේ දුෂ්කර ගමේ සිට එතරම් දුරක් නිතිපතා යන්නට ප්‍රවාහන පහසුකම්ද විරලය.
මේ ගැටලූව ගැන සිත්කම්පා වුණ මහානාම මෙම සත්ක්‍රියාව සඳහා සිය පුද්ගලික ධනය පරිත්‍යාග කර තිඛෙනවා. එයට උපහාරයක් ලෙස එම පාසල ඔහුගේ නමින් නම් කර තිබේ.
කවදා හෝ මහානාම වැනි රටට කීර්තියක් ගෙන දෙන පුරවැසියෙකු එම පාසලින් බිහිවන දවසට මේ පාසල ගැන කවුරුත් වැඩිපුර කථාකරනු ඇත.
