ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි “හරම්බේ” නම් 17 හැවිරිදි ගෝරිල්ලා ඒ මොහොතේ එම කූඩුවේ සිටි අතර හරම්බේ විසින් අදාළ දරුවාව ඇදගෙන යන ආකාරය එහි සිටි පුද්ගලයින් වීඩියෝගත කර තිබුණි.
සත්වවේදීන් පවසන්නේ දරුවාට හානියක් සිදු කිරීමට හරම්බේ උත්සහ නොගත් බවත් ඌ සිදු කළේ දරුවා සමග සෙල්ලම් කිරීම පමණක් වන බවත් ය.
කෙසේ වෙතත් දරුවාගේ ආරක්ෂාව පතා බලධාරීන් විසින් ගෝරිල්ලාට වෙඩි තබා තිබේ.
අමෙරිකාවේ Cincinnati සත්වෝද්‍යානයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් මේ දිනවල ලොව පුරා සත්වවේදීන්ගේ මෙන්ම සමාජජාල සාමාජිකයින්ගේ දැඩි අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.
අවුරුදු 4ක දරුවෙකු මෙලෙස අදාළ ගෝරිල්ලාගේ කූඩුවට වැටී තිබෙනවා.