හොලිවුඩ්

පෘථිවියට අභිරහස් සංඥා එන තැන් සොයාගනියි

cover-15

විශ්වයේ සිට පෘථවිය දෙසට නිකුත් වෙමින් පැවැති අබිරහස් සංඥා නිකුත් වන කලාපය නිශ්චිතව හදුනාගැනීමට විද්‍යාඥයකු සමත්ව තිබෙනවා. ඒ රුසියාවේ හාන්ත පීටර්ස්බර්ග් සරසවියේ විද්‍යාඥ ඇන්ටෝනියෝ පැරිස් විසි.

 

ඔහු පවසන්නේ එම සංඥා නිකුත් වන්නේ ග‍්‍රහලෝකයකින් නොවන බවයි. පෘථවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරනු ලබන ධූමකේතු 2ක් පෘථවියට සමීප වන අවස්ථාවලදී මෙම සංඥා ලැබෙමින් පවතින බවයි ඔහු හෙළිකරන්නේ.

1977 වසරේ සිට විද්‍යාඥයන් මෙම රේඩියෝ සංඥා ලැබෙන ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබෙනවා.

 

මේ වන විට ඇන්ටෝනියෝ පැරිස්ගේ මතය විද්‍යාඥයින් බහුතරයක්ම අනුමත කර ඇති අතර අදාළ ධූමකේතු පරීක්ෂාවලට ලක් කිරීමයි ඔවුන්ගේ මීළඟ අපේක්ෂාව වන්නේ.

කෙසේ වෙතත් ඇන්ටෝනියෝ පැරිස් පවසන්නේ මෙම ධූම කේතු 2න් රේඩියෝ සංඥා නිකුත් වන්නේ වලාකුළු හරහා සිදුවන ස්වාභාවික ක‍්‍රියාවකින් බවට තමන් විහ්වාස කරන බවයි.

 

එහෙත් පිටසක්වල ජීවීන් විසින් එම ධූමකේතුවල සිට එය සිදුකරන බව තමන් ප‍්‍රතික්ෂේප නොකරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!