ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගුවන්තොටුපොලකදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අද අලුයම (05) සිදු වූ අනතුරින් ගුවන්යානා දෙකේම තටුවලට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් ධාවන පථය හරහා ඇදගෙන යමින් තිබූ ගුවන් යානයක් ඉහළට නැංවූ මගී ගුවන් යානයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
කෙසේ වෙතත් මගී ගුවන් යානයේ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 49දෙනා අතුරෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අනතුර හේතුවෙන් ජකර්තා නුවර මෙම අභ්‍යන්තර ගුවන්තොටුපොල තාවකාලිකව වසා දමා තිබේ.