පැහැර ගනු ලැබූ ඊජිප්තු ගුවන් සේවය (EgyptAir) ට අයත් ගුවන් යානයක් දකුණු සයිප්‍රස වෙරළ තීරයේ ලානකා (Larnaca) ගුවන් තොටුපලට බලහත්කාරයෙන් ගොඩ බස්සවනු ලැබ තිබේ.
පියාසර අංක MS181 දරන A320 ගුවන් යානය මගීන් 81 දෙනෙකු රැගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කයිරෝ බලා ගමන්කරමින් සිටිය දී පුපුරන ද්‍රව්‍ය බඳ වටා ඔතා ගෙන සිටි මගියෙකු විසින් යානය තම පාලනයට ගෙන තිබේ
යානය පැහැරගත්තවුන් තවමත් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොතිබුණද ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් සමගම පවසන්නේ බොහෝ මගීන්ට යානයෙන් බැස යාමට ඉඩ දී ඇති බවයි. එහෙත් ගුවන් යානාවේ කාර්යමණ්ඩලය සහ ඇතැම් විදේශීය මගීන් තවමත් රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.
ලානකා (Larnaca) ගුවන් තොටුපල වසා දමා තිබෙන අතර එයට පැමිණීමට නියමිතව තිබූ අනෙක් ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර ඇත.
බීබීසී ඇසුරෙනි
