ජනප්‍රිය රැප් ගායකයෙකු වන පිට්බුල්ගේ අලුත්ම මියුසික් වීඩියෝව සඳහා මෙරට රූප රාජිණියක් වන බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩස් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම හෙළිදරව්ව සිදුකරන ලද්දේ “බිස්නස් ඔෆ් සිනමා” වෙබ් අඩවිය විසින්ය.
ජැකලින් ජාත්‍යන්තර මියුසික් විඩියෝවක් සඳහා සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් ලෙසයි වාර්තා වන්නේ.
මෙම මියුසික් වීඩියෝව සඳහා ජැකලින්ට අමතරව සෝනම් කපූර්, කංගනා රනවුත්ගේ නම් ද යෝජනා වී තිබුණ ද අවසානයේ පිට්බුල්ගේ කැමැත්ත ලැබී ඇත්තේ ජැකලින්ටයි.
මාර්තු මාසය සහ අප්‍රේල් මාසය තුළ මෙම මියුසික් වීඩියෝවේ නිශ්පාදන කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.





