මේ දිනවල දෙරණ ස්ටාර් සිටී වැඩසටහන විකාශය වෙනවා. මේ වැඩසටහන දැන් ලංකාවේ ජනප්රියතම වැඩසටහන අතරට එක්වෙලා හමාරයි.
කොහොම හරි අපි මීට කලින් කිව්වා වගේ මේ වැඩසටහන අතරතුරේදී අපූරු වැඩ වෙනවානේ. අලුත් නිර්මාණ බිහි වෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ ලංකාවේ ප්රේක්ෂකයෝ බලාගෙන සිටිය ටෙලිවිෂනයේ වෙනසක් වෙලා තියෙනවා කියලා ගොඩක් පිරිස් කියනවා.
මේ කියන්න යන්නේ පසුගිය වැඩසටහන අතරතුරේදී වසන්ත දුග්ගන්නාරාල ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නිර්මාණය ප්රේක්ෂක සිත් ඇඳබැඳ ගැනීමට සමත්වෙලා තියෙනවා.
දුග්ගන්නාරාල සිංදු ලියන එකට අමතරව මේ වැඩසටහන ඔස්සේ ඔන්න රංගනයෙනුත් ප්රේක්ෂක සිත් දිනාගත්තා කියලා කිව්වොත් නිවැරදී.
මොකද ඔහුගේ රංගනය ගැන කොයි කවුරුත් කතා කරන්න ගත්තා. මේක මෙහෙම කියනවාට වඩා ඒ නිර්මාණය බැලුවොතින් කට්ටියට තේරෙයි ඒ නිර්මාණය සහ දුකාගේ රංගනයේ තිබුණු විශිෂ්ඨත්වය.
එම වීඩියෝව පහතින් නරඹන්න.
