නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවට මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් සිංහයා ඉවත් කළ වෙනත් සළකුණුත් යොදා ගත යුතු ඇති බවට වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා පළ වෙනවා.
අදාළ වාර්තා සම්බන්ධයෙන් අප නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතාගෙන් විමසීමක් සිදුකළා.
එහිදී ඒ මහතා කියා සිටියේ ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි.
පවතින නව තත්ත්වය යටතේ රට තවත් සමගියෙන් සංහිඳියාවෙන් ඉදිරියට යෑම සඳහා සියලු ජාතීන් ඔප් නැංවෙන ආකාරයෙන් නව ජාතික ගීයක් සහ නව ජාතික ධජයක් නිර්මාණය කළ යුතු යැයි මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන විසින් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද ඒ මහතා අප සමඟ පැවසුවේය.
එමගින් ජාතික සමඟිය, සංහිඳියාව රට තුළ තව තවත් ස්ථාවර වන බවද එම අදහසේ තිබු බවද ඒ මහතා සඳහන් කළේය.
