තරු හුට පට

හඳුනානොගත් වස්තුවක් හිසට කඩාවැටී පුද්ගලයෙක් මියයයි

අභ්‍යාවකාශයෙන් වැටුණු යැයි සැක සහිත උල්කාශ්මයක කොටසක් පුද්ගලයේකුගේ හිසට කඩා වැටී එම පුද්ගලයා මිය ගිය පුවතක් වාර්තා වෙනවා.

බස් රියදුරෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර්හීදී අදාළ අනතුර සිදුවී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ කළේ මෙලෙස මිය ඔහු වෙනුවෙන් ප්‍රාන්ත රජය රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බවයි.

වෙල්ලෝරයේ ඉංජිනේරු විද්‍යාලය අසළ මෙම උල්කාව පතිත වීමෙන් ආවාටයක් ද නිර්මාණය වී ඇති බව සදහන්.

උල්කාශ්මයක් පතිත වී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් මීට පෙර වාර්තා වන්නේ 1825 වසරේදියි.

තමිල්නාඩුවේ සිද්ධිය පිළිබඳව ඇමරිකානු නාසා ආයතනය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 

1

2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!