සනී ලියෝන් කියන්නේ ඉන්දියාවේ ඉන්න සරාගීම සුරූපී කාන්තාවක්වේ. එයා පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ වැඩිහිටියන්ට පමණයි චිත්රපටි වලට රංගනයෙන් දායක වීම නිසා.
හැබැයි කොහොම හරි දැන්නම් සනී ලියෝන් වැඩිහිටියන්ට පමණයි චිත්රපටිවල රඟපාන්නේ නෑ කියලා තමයි ආරංචිය. එකේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ. කොහොම හරි ඔන්න දැන් අපි කියන්න යන්නේ වෙන කතාවක්.
ඒ තමයි සනී ලියෝන් ද්විත්ව රංගනයෙන් දායක වන චිත්රපටියක් තිරගත වීමට නියමිත බව කොයි කවුරුත් දන්න කාරයක්නේ. ඒක තමයි Mastizaade කියන චිත්රපටිය කොහොම හරී සනී ලියෝන් ඒ චිත්රපටියේ බිකිණි ඇඳගෙන ඉන්න රූපරාමු තියෙනවා.
අන්න ඒ නිසා ඒ චිත්රපටියේ තියෙන අදාළ කොටස් ඉවත් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ අධිකරණයකට ගොස් පිරිසක් පෙත්සමක් යොමු කරලා තියෙනවා.
ඒ නිසා කොහොම හරි Mastizaade චිත්රපටිය තිරගත වීමට ආරම්භ වීමට තිබුණා දිනය කල්ගිහින් කියලා වාර්තා වෙනවා.
බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි නේද?
