ප්‍රංශයට නුදුරින් මුහුදු තීරයේදී පැනමාවට අයත් මොඩර්න් එක්ස්ප්‍රස් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව පැත්තකට ඇලවී ගිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
නෞකාවේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා සිට නැව ඇලවෙන්නට පටන් ගත් බව එහි බලධාරීන් ප්‍රකාශ කර ඇත.
නැවේ සිටි කාර්යමණ්ඩලයේ 22දෙනකු ගුවන් මගින් බේරා ගෙන ඇති බවද වාර්තා වෙයි.
නැව කෙළින් කිරීමට මෙතෙක් ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ඇතත් තවදුරටත් ඒ සඳහා උත්සා දරන බව ප්‍රංශ බලධාරීන් පවසයි.
දැව දඬු ටොන් 3600ක් ද පොළව හෑරීමට යොදා ගන්නා යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ද නැවේ ගබඩා කර ඇති බව වාර්ථා වී ඇත.
නැවේ ඉන්ධන ගබඩාවේ තෙල් ටොන් 300න් පමණ තිබෙන බවද ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කරයි.
