එරිට්ට්රියාවේ සිටින පිරිමින්ට විවාහ දෙකක් කර ගත යුතු යැයි පසුගියදා අප වෙබ් ගොසිප් අඩවිය මගින් හෙළිදරව්වක් කළානේ.
විදේශ පුවත් සේවා උපුටා දක්වමින් තමයි අපි මේ තොරතුර ඔයාලට කිව්වේ.මේකේ ඇත්ත නැත්තනම් අපි හරියටම කියන්න දන් නේ නෑ.
ඔන්න කොහොම හරි මේ තොරතුර ඉතාමත් ඉක්මනටම ලෝකයේ සෑම තැනම වගේ ප්‍රචාරය වෙන්න පටන්ගෙන.
කොහොම හරි මේ කතාව දැකපු ගොඩක් අය එලිට්ට්රියාවට ගියානම් හොඳයි කියලත් කියනවා අපිට වටෙන් පිටෙන් අහුණා.
එහෙම අයට ඔන්න ටිකක් දුක හිතෙන දෙයක් තමයි දැන් කියන්න යන්නේ. විවාහ දෙකක කරගන්න එරිට්ට්රියාවට යන්න එපා කියලයි අපි දැන්නම් කියන්නේ.
මොකද එහෙම එකක් ඒ රටේ නීතියෙන් නෑ කියලා මේ වන විට ලෝකයේ ප්‍රසිද්ධ වෙබ් අඩවි මෙන්ම විද්‍යුත් මාධ්‍යත් ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැක ගන්න ලැබුණා. කොහොම හරි ඒවා ඉතින් හරියටම කියන්න අපි දන්නේ නෑ.
ඒක නිසා එලිට්ට්රියාවට යන්න ඔයාලා හිතාගෙන හිටිය නම් මේ කාරණය ගැන ටිකක් හොඳට හොයලා බලලා යනවා නම් ගොඩක් හෙඳයි කියලා තමයි වෙබ් ගොසිප් නම් කියන්නේ ඔන්න.
මේ සම්බන්ධයෙන් අප විසින් පළකළ අනෙක් ලිපිය මෙතැනින් කියවන්න – http://sinhala.adaderana.lk/webgossip/men-to-marry-at-least-two-wives-or-face-imprisonment/
