අනාගතය දකින අනාගතයට යා හැකි පුද්ගලයින් ගැන අපි අහලා තියෙන්නේ එක්කෝ කතා පොත් වලින් එහෙම නැතිනසම් චිත්‍රපටි වලින්නේ.
හැබැයි ඔන්න එහෙම සිද්ධියක් ප්‍රායෝගිකව වෙලා තියෙනවා පසුගිය දවසක.
ඒ ගෙවුණු දෙසැම්බර් 31 වැනිදා එහෙම අනාගතයෙන් ආපු පිරිසක් ජපානයේ ටෝකියෝ ගුවන්තොටුපලට ගොඩ බැස්සා.
මෙයාලා ආවේ වෙන මොකෙන්වත් නෙවෙයි ගුවන් යානයකිනුයි.
JL2 ගුවන් යානය නවසීලන්තයෙන් පිටත්වුනේ ඔවුන්ට 2016 උදා වුණාට පස්සෙයි.
ඒත් එයාලගේ ගමනාන්තය වුන ජපානයේ ටෝකියෝවට ගොඩබහින කොට නම් ජපානයට 2016 උදාවෙලා තිබුනේ නැහැ.
ඒ වගේ දෙයක් දැකගන්න ලැබෙන එකත් අමුතුම අත්දැකීමක් කියල තමයි ඒ ගුවන් යානයෙන් ආපු මගීන් නම් කියලා විදෙස් මාධ්‍යයට කියලා තියෙන්නේ.