මිනිස් සිරුරේ ඇතැම් අවයව ඕනෑ ඕනෑ ආකාරයට එක් එක් දිශාවන්ට නැමීමට හැකියාව තිබීම හැමෝටම නොවුණත් පුද්ගලයින් කිහිප දෙනෙකුට වුවද අනන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
ඇතැමුන්ට උපතින්ම සිය සිරුරේ අවයව අවශ්‍ය පරිදි නැමීමට දිගහැරීමට හැකියාව තිබියදී සමහරුන් එම හැකියාවන් ප්‍රවර්ධනය කර ගනු ලබන්නේ පුරුදු පුහුණු කිරීමෙනි.
මේ කියන්න යන්නේ මිනිස් ශිරුරේ ඉතාම වැදගත් ඉන්ද්‍රීය කොටසක් වන හිස චලනය කිරීම ගැනයි. මිනිසාට සිය දෙනෙතින් ඉදිරිපස විශාල වපසරියක් දැකගත හැකිවුවත් පිටුපස එවැනි වපසරියක් දැකීම අපහසුය. ගෙල ප්‍රදේශයේ ඇති අස්ථි හා නහරවල පිහිටීම අනූව එය පහසු නොවෙතත් මේ කියන්න යන කතාවේ කුඩා ළමයාට අංශක 180ටම වගේ ඔහුගේ ඔළුව පිටුපසට හැරවීමට හැකියාව තිබේ.
මේ නිසා මෙම ළමයාට එකවරම පිටුපස ප්‍රදේශය ද දැක ගැනීමට හැකියාව තිබේ. මේ වීඩියෝව දැක්කාම ඔබත් අනිවාර්යයෙන්ම හිස පිටුපසට හැරවීමට උත්සාහ කරනවා නොඅනුමානයි. හැබැයි මේ ළමයා වගේ එකපාරම ඔළුව හරවන්න ගිහින් බෙල්ලේ අමාරුවක් හදාගන්න එපා කියලත් කියන්න ඕන.
මෙම පුදුම හැකියාව ඇති කුඩා ළමයා තම හිස එසේ පිටුපසට හරවද්දී ඔහු ළඟ සිටම ඔහුට උදව් කරන්නේ ඔහුගේ පියා බවද දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න.