අවුරුදු 27ක් එකට වාසය කර මුණුබුරු මිණිබිරියන් 15 දෙනෙකුගේ මුහුණු ද දැකීමෙන් පසු බ්‍රිතාන්‍ය යුවළක් නීත්‍යානූකූලව විවාහ දිවියට එළඹ තිබෙනවා.
මෙලෙස විවාහයට එළඹී පුරුෂයාගේ වයස අවුරුදු 103ක් වන අතර කාන්තාවගේ වයස අවුරුදු 90ක්. මොවුන් 1988 වසරේදී මේ දෙන්නා එකට වාසය කිරීම ආරම්භ කර තිබෙනවා.
මෙලෙස විවාහ වුණ මනාලයාගේ නම ජෝර්ජ්. මනාලිය ඩොරීන්.
ඒ අනූව අවුරුදු 27ක් අවෑමෙන් දරුවන්ද බිහිකර ඔවුන්ගේ දරු දැරියන්ද දැකීමෙන් පසු නීත්‍යානූකූලව විවාහ දිවියට එළඹෙන ලොව වයස්ගතම යුවළ බවට මොවුන් පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම යුවළගේ වයස් වල එකතුව අවුරුදු 194ක් ලෙස සනිටුහන්වන අතර මෙම වාර්තාව මීට පෙර 2013 වසරේදී පිහිටුවීමට තවත් යුවළක් සමත් වී තිබුණා.
එම යුවළගේ වයස් වල එකතුව ඒ වන විට 188ක් ලෙස සනිටුහන් ව තිබූ අතර නව යුවළගේ විවාහ ගිවිස ගැනීමත් සමග එකී වාර්තාව බිඳ වැටී තිබෙනවා. කෙසේ වෙතත් නව විවාහය ගැන අදහස් දක්වමින් ජෝර්ජ් පවසා ඇත්තේ “අපි මෙහෙම විවාහ වෙන්නේ වාර්තා පිහිටුවීමට නොව අපි ආදරයෙන් වෙළී සිටි යුවළක්” ලෙස බවයි.
නීත්‍යානූකූලව විවාහ නොවී විවාහක යුවළ සේ ජීවත් වෙමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන යුවළ බ්‍රිතාන්‍ය තුළ සාමාන්‍ය තත්ත්වයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.