Gossip News

මුහුණුපොතෙන් හඳුනාගත් 7දෙනෙක් නිධන් හාරන්න ගිහින් මාට්ටු වෙයි..

නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනකු මෝටර් රථ දෙකක් ඇතුළු උපකරණ තොගයක් සමගින් 23 වැනිදා රාති‍්‍ර හැඩිගල්ල, පුවක්දොල රක්‍ෂිතයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සෙවනගල, පන්නල, වලස්මුල්ල, තෙලිජ්ජවිල සහ බදුරලිය ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28ත් 42ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බව සඳහන්ය. ඔවුන් අතර සිටි බැව් සඳහන් කට්ටඩියකු යැයි කියාගන්නා පුද්ගලයකු වැටලීම සිදුකරන විට පලාගොස් සිට ඇත.

ලද තොරතුරක් මත පොලිස් පරීක්‍ෂක තිලංග සංජීව ඇතුළු පොලිස් කණ්ඩායම බදුරලිය, හැඩිගල්ල රක්‍ෂිතයේ පුවක්දොල පාරේ එදින රාති‍්‍ර 10.00ට පමණ ස්ථානය වටලන විට මෝටර් රථ 02ක්, ති‍්‍රශූලයක්, අලවංගුවක්, වයර් කෝඞ් 01ක්, කාලිමැණියන්ගේ දේව රූප, රතු සුදු ඇඳුම්, පළතුරු වට්ටි කිහිපයක්, විවිධ වර්ගයේ තෙල් බෝතල්, කට්ටකුමන්ජල්, සුදු නූල් ඇතුළු පූජා භාණ්ඩ තොගයක් සමගින් නිධානය ගැනීමට සූදානමින් සිටි සැකකරුවන් හත්දෙනා පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මුහුණු පොතෙන් හඳුනාගත් පිරිසක් බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් වෙඩි බෙහෙත් යොදා රක්‍ෂිතයේ දොලපාරේ කළුගල් තලාවක කැණීමක් කර ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුවන් බදුරලිය පොලිසියට භාරදී ඇත. ඔවුන් මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!