Gossip

වයස අවුරුදු 61 බැලු බැල්මට කියන්න බෑ(ඡායාරූප)

1

විලාසිතා සඟරා පිටු තුළින් අවුරුදු 40 ඉක්මවූ මෝස්තර නිරූපිකාවක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතරකිනි. වයසට යෑම ලොව ඇති ඉතාමත්ම ස්වාභාවික සිදුවීමක් වූවත් බොහෝදෙනා එහි ඇති සුන්දරත්වය නොදැකීම කනගාටුදායක කරුණක්.

61 වියැති ප්‍රංශ ජාතික Yazemeenah Rossi මෙම ප්‍රවාහය තුළ උඩුගං බලා පිහිනන්නියකි.

බොහෝ දෙනා අවුරුදු 16දී  නිරූපණ ශිල්පයට පාතබද්දී ඇය විලාසිතා වෘත්තීය ආරම්භ කළේ වයස 28 දීයි.  නිරූපණ ශිල්පයේදී ඇය යම් පමණකවත් සාර්ථකත්වයක් ලබන්නේ  අවුරුදු 45 දීයි. නමුත් ඇයගේ වයස-නොපෙනෙ පෙනුම හා කැපී පෙනෙන සුදු කෙස් ඇයව විලාසිතා ලෝකය වෙත වෙනත් කවරදාටත් වඩා අවැසි වී ඇත.

යෞවනයේ උල්පතෙන් ස්නානයකලා වැනි දිදුළන රැළි රහිත සම සහ අලංකාර රිදී පැහැති කෙස් කළඹේ රහස  ඔලිව් තෙල් සහ sugar scrub පමණක් බවයි ඈ පවසන්නේ. යෝගා සහ අඩු මේද ආහාර වර්ග සිරුරේ හැඩය පවත්වාගැනීමට උදව්වන බවත් ඈ පවසනවා. ආදරණීය මිත්තනියකවන ඈ වයස කිසි විටකත් ලස්සනට සිටීමට බාධාවක් නොකරගතයුතු බවත් සඳහන් කරනවා.

Marks & Spencer, JD Williams, Dreslyn සහ Land of Women වැනි ඉහළ ගණයේ විලාසිතා ආයතන සඳහා අස ඇය නැතිවම බැරි මුහුණක් බවට පත්ව තිබෙනවා.

උනන්දුව, උද්යෝගය ඇත්නම් වයසත් සමඟ වඩාත් ලස්සනවන්නට හැකි බවට ඈ හොඳම නිදසුනක් නොවේද?

 

උපුටා ගැනීමකි

2 3 4 5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!