Gossip

ඔත්පල තත්වයට පත්වෙලා ඉන්න චිම්පන්සියා බොහෝ කාලෙකින් දැකපු මහාචාර්යවරයාට දැක්වූ සෙනෙහස

මිනිස්සුන්ට තවත් මනුස්සයෙක් ගැන තියෙන හැඟීමට වඩා හැඟීමක් සත්තුන්ට මනුස්සයෙක් කෙරෙහි ඇතිවෙන්න පුළුවන්.

අර කතාවක් තියෙනවානේ මනුස්සයෙක්ට දවස් තුනක් කන්න දීලා එක දවසක් නොදුන්නොත් මනුස්සයාට මතක කන්න දෙන්න බැරිවුණු දවස විතරයි ඒත් සතෙක්ට දවස් තුනක් කන්න නොදී එක දවසක් කන්න දුන්නොත් ඒ සතාට මතක කන්න දුන්නු එක දවස විතරයි කියලා.

අපි මේ කියන්න යන්නේ නෙදර්ලන්තයේ ඇති රෝයල් බර්ගර් සූ කියන සත්වෝද්‍යානයේ ඉන්න චිම්පන්සියෙක් ගැන.

මෙයාගේ වයස දැන් අවුරුදු 59ක් වෙනවා.

මේ චිම්පන්සියා ගිය අප්‍රේල් මාසයේ මැද වෙද්දි වගේ කන්නත් බැරිව ඔත්පල තත්වයට පත්වෙලා තියෙනවා.

ඉතින් මේ ගැන ආරංචි වූ චිම්පන්සි කොළනියේ නිර්මාතෘවරයා මෙන්ම මහාචාර්යවරයෙක් වන වෑන් හූෆ් මෙම සත්වයාව බලන්න ඇවිත් තියෙනවා.

ඔහු මෙම චිම්පන්සියාව හඳුනන්නේ 1972 ඉඳලා. ඉතින් මේ චිම්පන්සියායි මහාචාර්යවරයායි අතර තිබෙන්නේ පුදුම සබැඳියාවක්ලු.

පුදුමය කියන්නේ මෙච්චර කාලෙකට පස්සේ ඇවිල්ලත් මේ සත්වයා මෙම මහාචාර්යවරයාගේ කටහඬින් ඔහුව හඳුනා ගැනිමයි.

ඇත්තෙන්ම මෙය අතිශය සංවේදි දසුනක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!