Gossip

කෙල්ලෝ ගොඩ දෙනෙක් මගේ පෙම්වතිය වෙලා තියෙනවා -මම ඉක්මනට විවාහ වෙන්න ඉන්නේ – අකිල ධනුද්ධර

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුතා තමයි අකිල ධනුද්ධර කියන්නේ. මේවන විට රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් අකිල කටයුතු කරනවා. රිදී තිරයෙන් වැඩිපුර දකින්න ලැබෙන අකිල ඔහුගේ අලුත්ම තොරතුරු මාධ්‍යයට කියලා තිබුණේ මේ විදියට.

අකිල සිනමාව එක්ක ලොකු ගණුදෙනුවක් කරනවා නේද දැන්..?
සිනමා කෘති බොහෝමයකට ඇරයුම් ලැබෙනවා. මට ගැළපෙන චරිත තිබුණොත් වගේම මේ චරිත ඇතුළේ මට රගපාන්න තිබුණොත් මම නිර්මාණ භාර ගන්නවා. පසුගිය කාලයේ ශ්‍රි වික්‍රම කළා. ඒ වගේම අම්මා කියලා ලස්සන පිටපතක් ලැබුණා. ඒ කතාව ආකර්ෂණීයයි. ඒ නිසා මම ඒ නිර්මාණයට දායක වුණා. එහි රූගත කිරීම් අවසන්.ලබන මාසෙත් අලුත් සිනමාපටයක රූගත කිරීම් ආරම්භ වෙනවා.

රිදී තිරයට නැතුවම බැරි චරිතයක් නිසා දැන් අකිල පුංචි තිරය ප්‍රතික්ෂේප කරලා වගේ..?
ප්‍රතික්ෂේප කරලා නෑ . ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත් මට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේ අවුරුද්දටම එක ටෙලි නාට්‍යක්වත් කරගන්න බැරි වුණා. ටෙලි නාට්‍ය වලටත් දින වෙන් කරගන්න පුළුවන් වුණොත් සම්බන්ධ වෙනවා.

අකිලගේ මුළු පවුලම කලාවට සම්බන්ධයි.නමුත් ඔබ තමයි අන්තිමට කලාවට සම්බන්ධ වුණේ. සම්බන්ධ වෙන නිර්මාණ වල හොද නරක ගෙදර අනිත් අය පෙන්නලා දෙනවද..?
අපි පුංචි කාලේ ඉදලම අප්පච්චි වැඩවලට ගිහින් ගෙදර ආවට පස්සේ හැම විස්තරයක්ම අම්මට ඇවිත් කියනවා. අම්මත් එහෙමයි. දැන් අපිත් පුරුද්දක් විදිහට දවසේ සිදුවීම් කතා කරනවා. ඒ කතාබහ අතරට නිර්මාණ වල හොද නරකත් අඩුපාඩුත් කතා කරනවා. අප්පච්චිගේ ඔළුවේ තියෙන ප්‍රශ්න පීඩනය පිට කරන්නේ ගෙදර අය එක්ක කතා කරලා. ඒ නිසා දැණුම කියන එකත් අපිට ලැබෙනවා.

ඒ කියන්නේ කොයි තරම් කාර්ය බහුල වුණත් ගෙදර හැමෝටම එකට ඉන්න වෙලාව හොයා ගන්නවා කියන එකනේ..?
අපි පුංචි කාලේ අප්පච්චි වැඩ වලට ගියහම මාස ගණන් සමහර කාලෙට එන්නේ නැහැ. එක එක්කෙනා එක එක වැඩ වල.ඒත් දැන් වෙනස්. අපි පස්දෙනාට එකට ඉන්න වෙලාව හොයා ගන්නවා. හැමදාම උදේ 5.30 වෙනකොට මමයි අම්මයි අප්පච්චියි අක්කයි ජිම් යනවා. අපි හැමෝම වැඩිපුරම කතා කරන්නේ ජිම් එකේ. එතැන තමයි නිදහසේ අදහස් හුවමාරු කරගන්නේ.

අකිල ජිම් යන්නේ රැල්ලටද.. ඇග හදා ගන්නද..?
ඔය දෙකටම නෙමෙයි. මම ජිම් යන්නේ ව්‍යායාම කරන්නේ මගේ ශරීරය ශක්ති සම්පන්නව ජවසම්පන්නව තියා ගන්න ඕන නිසයි. මම අද ඊයේ ජිම් යන කෙනෙකුත් නෙමෙයි. කාලයක ඉදලා ජිම් යන්නේ. එහෙම බැලුවොත් මම තමයි ඒ රැල්ල හදලා තියෙන්නේ.

විලාසිතා කරද්දී අකිල බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත්ද..?
කොහෙත්ම නැහැ. අතට හම්බෙන දේ අදිනවා. ලස්සනයි කියලා හිතුණොත්. කොහොමත් මම විලාසිතා වලට සල්ලි වියදම් කරන කෙනෙක් නෙමෙයි.

දැන් කෙල්ලෝ කි දෙනෙකුට ආදරේ කරලා තියෙනවද..?
කෙල්ලෝ ගොඩ දෙනෙක් මගේ පෙම්වතිය වෙලා තියෙනවා. නමුත් නියම ආදරේ හම්බුනාට පස්සේ කෙල්ලෝ ගණන් කරන එක නතර වුණා.

කෙල්ලන්ගේ ඔබට ප්‍රතිචාර ලැබෙද්දී පෙම්වතියගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
එයා දන්නවා මම එයාට ඇත්තටම ආදරේ කරනවා කියලා. ඒ නිසා එයා මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අපි දෙන්න අපිව හදුනාගෙන් අවුරුදු දහයයි.අපි අතර රහස් නැහැ. නොකියනා දේවල් නැහැ. කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවත් දන්නවා එහෙම කරන්නේ කැත හිතකින් නෙමෙයි කියලා. මම කෙල්ලෝ එක්ක කතා කරද්දී එයාගේ හිතට දුකක් ඇති. සමහර වෙලාවට එයා හුරතල් විදිහට තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නේ.

දැන් විවාහයට කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද..?
මම කොහොමත් ඉක්මණට විවාහ වෙන්න ඉන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!