Gossip

20 හැවිරිදි පෙම්වතියට, පෙම් කළ 52 හැවිරිදි පෙම්වතාට අත්වුණු ඉරණම

ජංගම දුරකථනය ඔස්සේ 20 හැව්රිදි රූමත් තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් ගොඩනගා ගත් 52 හැව්රිදි පුද්ගලයෙකු මුව ආවරණයක් පැළද ( මාක්ස්) එම තරුණිය පදිංචි ප‍්‍රදේශයට ගොස් ඇය බස් රියක නංවාගෙන අරණායක ප‍්‍රදේශයට කැඳවා ගෙන විත් බලහත්කාරයෙන් අඔුකමට තබාගෙන සිටියදී තරුණීය සිදු කළ පැමිණිල්ලක් අනුව පසුගිය(14) දා 52 හැව්රිදි පුද්ගලයා සහ තරුණිය අරණායක පොලිසියට රැගෙන විත් තරුණිය ඇගේ දෙමාපියන්ට භාර දිමට පොලිසිය කටයුතු කර තිෙබි.

සාමසර කන්ද නාය යෑමෙන් මෙම 52 හැව්රිදි පුද්ගලයාගේ බිරිඳ දරු දෙදෙනා මව සහ පියා අතුරුදහන් වු අතර පසුව ඔහුට වසන්තගම සෙනෙහෙ සියපත ගම්මානයෙන් නිවසක් හිමිව තිෙබි. එම නිවසේ තනිව ජිවත් වු මෙම පුද්ගලයා හට ජංගම දුරකථනය ඔස්සේ ලැබුණ ඇමතුමක් අනුව කන්තලේ අග්බෝපුර ප‍්‍රදේශයේ තරුණියක් සමග මාස 06 ක කාලයක පමණ සිට පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිෙබි. තරුණයකු ලෙස පෙනී සිටිමින් ආදාළ තරුණිය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන ඇති මෙම 52 හැවිරිදි පුද්ගලයා තමා සමග ජිවත් වන ලෙස අදාළ තරුණියට ඇරයුම් කොට තිෙබි. එම ඇරයුම අනුව ඇයද ඒ සඳහා කැමැත්ත පළ කොට ඇති අතර නියමිත දිනයක් හා වේලාවක් ලබා දීමෙන් පසු පැමිණෙන ලෙස සිය පෙම්වතාට දැනුම්දී ඇති තරුණිය අග්බෝපුර බස් නැවතුම් පොළට ඉකුත් 11 වැනිදා දෙමාපියන්ටද හොර රහසේ පැමිණ ඇත්තේ ඇගේ කණකර ආභරණ හා ඇදුම් ආයිත්තම්ද පොදි බැඳගෙනය.

පසුව නියමිත වේලාවට තරුණිය කැඳවාගෙන යෑමට 52 හැව්රිදි පෙම්වතා අග්බෝපුර බස් නැවතුම් පොළට ගොස් ඇති අතර එම වේලාවේ එකිනෙකා හදුනාගැනිමට තරම් අලෝකයක් බස් නැවතුම් පොලේ තිබි නැත. මුව ආවරණයක් පැළඳ සිටි පෙම්වතා දුරකථන ඇමතුමකින්ම තරුණිය අමතා ඇය සමග එහි තිබු බස් රථයකින් මාවනැල්ලට පැමිණ එතැන් සිට ත‍්‍රිරෝද රථයකින් වසන්තගම නිවස වෙත පැමිණ තිෙබි.

පෙම්වතාගේ නිවසට පැමිණි පසුව ඔහුගේ මුව ආවරණය ඉවත් කිරිමේදී තමාට වඩා වැඩිමහල් පෙනුමක් ගත් අයෙකුට තමා රැවටී ඇත බව දැනගත් තරුණිය හඩා වැළපෙමින් තම නිවස වෙත යාමට අවශ්‍ය බව පවසා ඇතත් ඇයට නිවසෙන් එළියට යාමට නොදී දින තුනක පමණ කාලයක් නිවස තුළ රඳවාගෙන සිට ඇති බව පරීක්ෂණවලදි අනාවරණය වී තිෙබි.

පසුව එම තරුණිය තමා පත් වී ඇති තත්වය පිළිබඳව සිය මාපියන් වෙත එස් එම් එස් පණිවිඩයක් මගින් දැනුම් දී ඇති අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංශයටද දැනුම් දි තිෙබි. පසුව අරණායක පොලිසියේ නිලධාරින් පිරිසක් ආදාළ නිවස වටලා 52 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන තරුණීයද සමග පොලිසියට කැඳවාගෙන විත් සිද්ධිය පිළිබඳව දෙපාර්ශවයේ කරුණු විමසා බලා ඇයව මාපියන් වෙත භාර දිමට කටයුතු කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!