Gossip

“16 ට කළින් පාර්ලිමේන්තුව කැඳවන්න බෑ” – කථානායක කරූ ජයසූරිය පක්ෂ නායකයන් කැඳවයි

කථානායක කරු ජයසූරිය මහතා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද පෙරවරු 11.00ට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දේශපාලන පක්ෂ කිහිපයක් විසින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කළ ඉල්ලීමට අනුව කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්.

වර්තමානයේ ඇති වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව කල් තබා ඇති අවස්ථාවක කථානායකවරයාට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් 16 වන දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට කිසිදු බලයක් කථානායකවරයාට නොමැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!