Gossip

13 හැවිරිදි දැරියට අතවර කළ 27 තරුණයා කොටු වුණු හැටි!

111111

වයස අවුරුදු 13 ක් වන බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම -මුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අතවරයට පත් දැරිය සැකකරුගේ අසල්වැසි නිවසක පදිංචිව සිට ඇති බවත්,ඇය අවශ්‍යතාවයක් සඳහා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම අපරාධය ඔහු විසින් සිදු කර ඇති බවත් පොලීසිය විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත.

තම දියණියට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් දැනගෙන ඇති ඇයගේ මව දැරිය සමග පොලීසියට පැමිණ මේ බව පැමිණිලි කර තිබේ.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!