Gossip

“13 Reasons why ” කතා මාලව නිසා තරුණ පරපුරේ දිවි නසාගැනීමේ අනුපාතය ඉහළට” – Photos

Netflix හී විකාශය වූ “13 Reasons why ” කතා මාලාව හේතුවෙන් එක්සත් රාජධානියේ වයස 10 – 17 අතර පිරිමි ළමුන් සියදිවි හානි කරගැනීමේ අනුපාතය ඉහළ ගොස් ඇති බවට
වාර්ථා වෙනවා.
Nationwide Children’s Hospital හී පර්යේෂකයන් පවසන ආකාරයට එක්සත් රාජධානියේ මාසික හා වාර්ෂික දිවි නසාගැනීම ගණනය කිරීමේ දී මෙම කතා මාලාව විකාශය වී මාස 9ක් ඇතුළත 195 මරණ සංඛාව වැඩි වී තිබෙනවා.
මෙමගින් ඉහළ ගොස් ඇත්තේ පිරිමි ළමුන් දිවි හානිකර ගැනීමේ අනුපාතයයි. කතා මාලාවෙන් පසුව මරණ අනුපාතය 28.9% ලෙස වාර්ථාවෙනවා. කෙසේ වුණත් එම කතා මාලාවේ ප්‍රධාන
චරිතය ගැහැණු ළමෙකු වුවත් විකාශණයෙන් පසු මාස 9 තුළ ගැහැණු ළමුන් දිවි හානි කරගැනීමේ අනුපාතය ඉහළ ගොස් නැතිබවට තවදුරටත් වාර්ථා වෙනවා.
“13 Reasons why ” කතා මාලවට පාදක කරගන ඇත්තේ Jay Asher නම් ප්‍රසිද්ධ රචකයා විසින් 2007 එළිදැක්වු මේ නමින්ම එන නව කතාවයි. මේ කතා මාලාවෙන් විස්තර කරන්නේ Hannah Baker නම් ගැහැණු ළමෙක් අභිරහස් හඩපට 13කින් තමන් සියදිවි හානිකරගැනිමට හේතුවූ පුද්ගලයන් හා හේතූන් පිළිබදව සදහන් කරතිබීමයි.
පසුගිදා Netflix ප්‍රකාශකර තිබුණේ “මෙය අවදානම් සහිත වැදගත් මාතෘකාවක්. අප අපගේ උපරිමයෙන් මෙහි එන සංවේදීවේදී තත්වය පාලනය කරන්නට වගකීමෙන් කටයුතු කරනවා”
යනුවෙන්ය.
Suicide Prevention and Research හී පර්යේෂක හා අධ්‍යක්ෂක Jeff Bridge පවසන්නේ “සියදිවි නසාගැනීම් පිලිබඳ සරල පැහැදිලි කිරීම් සංවේදී කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම කථා මගින් පෝෂණය කර ඇති අතර , ඉලක්කය සපුරා ගැනීමේ මාර්ගයක් ලෙස සිය දිවි නසාගැනීම, සිය දිවි නසා ගැනීමෙන් මිය යන ආකාරය පිලිබඳ විභව නිශ්චිත නිර්දේශයන්
ඉදිරිපත් කිරීමයි.” යනුවෙන්ය.
කතා මාලව විකාශය ආරම්භ කිරීමත් සමග එරට පාසල් වලින් දෙමාපියන්ව අනතුරැ ඇගවීම් සහ උපදෙස් සදහන් ලිපියකින් දැනුවත් කර තිබුණා. කොහොම වුණත් මේ කතා මාලාව
සමාජයට ප්‍රයෝජනවත් ද හානිකර ද යන්න විශාල ලෙස ප්‍රශ්න මතුවී තිබුණා.
Netflix නරඹන්නන් සඳහා අනතුරු ඇඟවීම් සහ අතිරේක අර්බුදකාරී සම්පත් ඇතුලත් විඩියො පටයක් කතා මාලවට එකතු කර තිබෙනවා.
කොහොම වුණත් මෙම කතා මාලාව පිළබද අධ්‍යනය සහ පර්යේෂණ කල කතුවරු සහ පර්යේෂකයන් නිගමනය කළේ සියදිවි නසාගැනීම් නිරූපනය වන නිසා මෙම කතා මාලාව
යෞවනයන් කෙරෙහි අහිතකර හා ප්‍රයෝජනවත් බලපෑම් ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!