Gossip

ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි

ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව ඉන්දියානු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේ ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංග අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල සමග මෙම තීරණය වඩාත් කඩිනමින් ගැනීමට ඉන්දීය රජයට සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් ඉන්දියාවේ ළමා හා කාන්තා අපචාර සම්බන්ධයෙන් නීතිය මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට චෝදනා එල්ල වූයේ 2012 වසරේදී දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්කර මරා දැමීමේ සිදුවීමත් සමගින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!