Gossip

හිරු රැස් ආලේපන තහනම් වූ පලාවු දූපත

හිරු රැසින් ආරක්ෂාවීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන (sun cream) තහනම් කිරීමට ශාන්තිකර සාගරයේ පිහිටි ‘පලාවු’ (Palau) දූපත් පාලකයන් විසින් පියවර ගනු ලැබ ඇත.
එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබ තිබෙන්නේ එම ආලේපන වර්ග මුහුදු ජීවීන්ගේ සහ කොරල්පරවලට හානිදායකවීම සැලකිල්ලට ගැනීමෙනි.

ඒ අනුව මිනිසුන් හිරු රැසින් ආරක්ෂාවීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන වර්ග සඳහා තහනමක් පැනවූ පළමු රට බවට පලාවු පත්වෙයි.
“අපි ජීවත්විය යුත්තේ පරිසරයට ගරු කරමින්. මොකද? පරිසරය කියන්නේ අපේ ජීවිතයයි. නිවහනයි,” පලාවු ජනාධිපති ටොමී රෙමෙන්ගේසෝ (Tommy Remengesau) පවසයි.

පලාවු දූපත අවට සාගර කලාපය තවමත් පවතින්නේ විනාශ නොවූ නොකිලිටි මට්ටමිනි.
පලාවු භූමියට අයත් ‘රොක් දූපත්’ බද(Rock Islands) කලපුවක් යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත.

පලාවු බලධාරීන් විසින් මිනිසුන් හිරු රැසින් ආරක්ෂා වීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන සඳහා පළමු තහනම පනවන ලද්දේ 2018 වසරේදීය.
එම තහනම් මගින් විවිධ විස රසායන වර්ග දහයක් අන්තර්ගත හිරු ආලේපන පාවිච්චිය තහනම් කරනු ලැබුයි.

පාරජම්බුල විකිරණ උරාගනු ලබන ‘oxybenzone’ සහ ‘octinoxate’ රසායන වර්ග ඊට ඇතුළත් විය.
“තහනම් කරනු ලැබු ඇති රසායන වර්ග පරිසරයට හානිදායකයි.
එම රසායන වර්ගවලින් වැඩි හරියක් වැඩෙන මුහුදු ජීවීන් වග රාශියකට ඉතා හානිදායකයි,” මුහුදු කොරල්පර පිළිබඳ ජාත්‍යන්තර පදනම පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!