Gossip

හිටපු LTTE මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර්ට ප්‍රහාරයක් – සීසීටීවී දර්ශන මෙන්න

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් වෙත ඊයේ යාපනය ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සංස්කාරකවරයෙක් ලෙස සේවය කරමින් සිටින අතරතුර කිසියම් පුද්ගලයෙකු පැමිණ දයා මාස්ටර් මහතා වෙත පහර දෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.

එම පුද්ගලයා දයා මාස්ටර්ට තියුණු ආයුධයකින් පහරදීමට ද උත්සාහ දරා ඇති බවට ද වාර්තා වනවා.

යාපනය පොලිසිය සඳහන් කළේ මෙම ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයාව ඊයේ (08) සවස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සැකකරු යාපනය ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු දයා මාස්ටර් වෙත පහරදී පළාගොස් ඇති අතර, පසුව පොලිසිය මැදිහත්වි සැකකරු අල්ලාගෙන තිබෙනවා.

කෙසේවෙතත් කුමන හේතුවක් නිසා මෙම පහරදීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද දිනයේ ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවටත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!