Gossip

“හැඩකාරම කෙල්ල ඉස්සර ගම්මානේ, නෙතු සේරම හැරුනි ඔබ වෙත කොලු රෑනේ, කරකාරෙට අරන් ආ දින හඳපානේ. අමනාපයක් දැනුනද මගෙ සුදු නෝනේ”

සිතුවිලි කියන්නේ හරි පුදුමාකාර දෙයක්.
මොකද හැඟීමක් වචන කරනවා කියන්නේ හරි අමුතු කලාවක්.
ඒ වගේම සමහරු ඡායාරූප දිහා බලාගෙන එහෙමත් නැත්නම් කෙනෙකුගේ ජීවිත කතාවක් අහලා ලස්සන සටහන් තබනවා.
මේ ඒ විදිහට ලියවුණු අපූරු සටහනක්.

හැඩකාරම කෙල්ල ඉස්සර ගම්මානේ
නෙතු සේරම හැරුනි ඔබ වෙත කොලු රෑනේ
කරකාරෙට අරන් ආ දින හඳපානේ..
අමනාපයක් දැනුනද මගෙ සුදු නෝනේ..

තිබුණත් කම්කටොළු අගහිගකම් ගෙදර
හඬවත් ඇසුනෙ නෑ කිසිවිට අඩ දබර…
සතුටත් දුකත් සම ලෙස ඉවසන සොඳුර
මටවත් ආදරේ නෑ මං නුඹ විතර…

දුක සැප අතර කාලය ගතවුන වේගේ..
දැක මට බයයි ඔබ අහිමිව යයි වාගේ..
එක කඳුලකදු නෙතගට නොමදී ඈගේ…
රැකදෙනු මැනවි දෙවියනි සොඳුරිය මාගේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!