Gossip

හැංගි හැංගි ඉඳලා අල්ලගත්තු රිෂාඩ් බදියුදීන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
අද අළුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණි.
2019 ජනාධිපතිවරණ සමයේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙනයාමට ලංගම බස්රථ යොදාගැනීම මගින් මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත පසුගියදා උපදෙස් දුන්නේය.
එහෙත් අධිකරණය දැනුම් දී තිබුණේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවය.
කෙසේවෙතත් එදින සිට අද අළුයම දක්වා කාලය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සැඟවී සිටි අතර ඔහු සොයාගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් යොදා තිබූණි.
අදාළ කාලය තුළ රිෂාඩ් බදියුදින් නමැති සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබලදුන් තවත් පුද්ගලයින් 6 දෙනෙකු ද අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
ඔවුන්ද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම පුද්ගලයින්ද 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!