Gossip

හදිසියේම පොලීසිය කඩා පැන්න තැන

ගල්කිස්ස – රත්මලාන ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබේ.

මෙම ගණිකා නිවාසය  සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති අතර  පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (18) සවස මෙම ස්ථානය පොලීසියෙන් සොදිසි කර ඇත.

එහිදී, ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් හා සහාය වීම සම්බන්ධව සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 47, 35, 33, 30 සහ 36 වයස්වල පසුවන නුගේගොඩ, මහියංගණය, පිලියන්දල, තඹුත්තේගම හා වල්පිට ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

අත්අඩංගුවට  ගත් සැකකාරියන් අද(19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!