Gossip

හතුරුගේ පැමිණිමත් සමඟ බංග්ලාදේශයට රිදෙන පාඩමක් උගන්වා සිංහ පිළ තුන්කොන් සටන ජයගත් හැටි මෙන්න

ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින් තුන්කොන් සටන ලකුණු 79 කින් ජයගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
බංග්ලාදේශය සමග පැවැත්වුණු අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 221 ක් පමණයි.
මෙහිදී උපුල් තරංග ලකුණු 56 යි.
දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ දික්වැල්ල ලකුණු 42 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 142 පමණයි.
ඒ අනුව සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තුන්කොන් සටනේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකා පිළට හැකිවුණා.
හතුරුසිංහගේ පැමිණිමත් සමග ක්‍රීඩා ලෝලීන් මෙම තරගාවලිය ගැන ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!