Gossip

සුරූපී විදෙස් කාන්තාවන් දෙදෙනෙක් ඉදිරියේ ලංකාවේ නම්බුව නැති කරපු බස් කොන්දොස්තරවරයා

ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ග වලින් එකක් තමයි සංචාරක කර්මාන්තය කියලා කියන්නේ.

විවිධ රටවල්වලින් ලංකාවට එන සංචාරකයින් නිසා ලොකු ආදායමක් ලංකාවට හිමිවෙනවා.

ඒත් හිතන්න ලංකාවට එන මේ සංචාරකයන්ට ලංකාවේදී අසාධාරණයක් සිදුවෙනවානම් ඒ අය ලංකාවට නැවත පැමිණෙන්න දෙපාරක් හිතනවා නේද?

අපි මේ කියන්න යන්නේ මුහුණු පොතෙන් දැකගන්නට ලැබුණු එහෙම වීඩියෝවක් ගැන .

කොළඹ කොටුවේ ඉඳන් ගුවන්තොටුපොළ දක්වා බස් රථයක ගමන් ගත් විදේශීය කාන්තාවන් දෙදෙනෙක්ගෙන් රුපියල් 200ක මුදලක් ලබාගෙන තිබෙනවා. කොළඹ ඉඳන් ගුවන්තොටුපළට යන්න සාමානයයෙන් වැය වන්නේ එක ටිකට්පතකට රුපියල් පණහක් වැනි මුදලක්. විදේශීය කාන්තාවන් දෙදෙනා දිගින් දිගටම නිවැරැදි ගණන 100 ක් බව ප්‍රකාශ කළත් කොන්දෝස්තර ඒ පිළිබඳව තැකීමක් කර නැහැ. අවසානයේ මෙම විදේශීය කාන්තාවන් දෙදෙනා රුපියල් 200ක මුදල ලබාදෙනවා.

කෙසේවෙතත් විදේශීකයන්ට ලංකාව ගැන තියෙන ආකර්ශනය වැඩි කිරීමටනම් මෙවන් සිද්ධීන් නොවිය යුතු බවටයි ගොඩක් දෙනා මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙන්නේ.

මේ ඊට අදාළ වීඩියෝව සහ සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!