Gossip

සුරූපී ඇය මරණයේ සේයා දැක නැවතත් ජීවත්වීමට වාසනාව උදාකරගත් හැටි – Video & Photos

මැකාවූ ගොන්ප්‍රී මෝටර් රථ ධාවන පථයේදී සිදුවූ දරුණු අනතුරකින් ෆෝමියුලා ධාවන ශූරීයක් වන සුරූපී සොෆියා ෆ්ලොරස්ච් රෝහල් ගතකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
17 වැනි වියේ පසුවන ඇයගේ මෙම අනතුර දැනගැනීමත් සමග බොහෝ දෙනෙක් මේ ගැන කතාබහට ලක්කර තිබෙනවා.
මෙම අනතුර දිස්වෙන වීඩියෝවෙන් පෙනී යන්නේ සොෆියා ෆ්ලොරස්ච්ගේ ෆෝමියුලා රථය වානී ඇමර්ස්ෆෝට් නමැති ධාවකයාගේ රථයේ වැදී බාධකයකට ඉහළින් විසිවී යන අයුරුයි.
රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම අනතුරින් පසුව ට්විටර් සටහනක් තබමින් ඇය පවසා තිිබුණේ ” හැමෝගේම දැනගැනීමට මට අනතුරක් නැහැ. මට හොඳයි. ඒත් හෙට උදෑසන ශල්‍යකර්මයකට යනවා” යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!