Gossip News

“සුමිතුරු දැයකින්-දිනවමු දරුවන්” ලෝක ළමා දිනය අදයි..

ලෝක ළමා දිනය අදට(01) යෙදී ති‌බෙනවා.මෙවර එහි තේමාව වන්නේ “සුමිතුරු දැයකින්-දිනවමු දරුවන්” වන අතර
‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා‍ ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර‍ ලෙස හැඳී වැ‍‍ඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බවයි.

දැනුම, කුසලතා හා යහපත් සාරධර්මයන් ගෙන් සපිරි වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායි ළමා පරපුරක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එහෙයින් රජයක් වශයෙන් හා වැඩිහියන් ලෙස ළමයින් හට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

මෙවර ළමා දින තේමාව තුළින් යහපත් ඉසව්වක් කරා දරුවන් රැගෙන යෑම බලාපොරොත්තුව වන බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා, ඒ සඳහා දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු ළමයින‍්ගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය තහවුරු කරන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පවසා සිටිනවා.

මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!