Gossip

සුපිරි පාපන්දු කණ්ඩායම ගිය ගුවන් යානය හදිසියේ ගිනි ගනියි

සවුදි අරාබි පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති වී තිබෙනවා’

ඒ, රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට සහභාගිවීම සදහා මොස්කව් නුවර සිට රෝස්තොව් දක්වා යමින් සිටියදීයි.

කෙකෙස්වෙතත් මේ ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

යානය ගුවන්ගතවී ටික වෙලවකින් මේ ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

යානයේ තටුවක එන්ජිමක හටගෙන ඇති මේ ගින්න හටගෙන ඇති අතර යානය සාර්ථකව රෝස්තොව් ගුවන් තොටුපළේ ගොඩබෑමට ගුවන් නියමුවන් සමත් වී තිබෙනවා.

සවුදි පාපන්දු බලධාරීන් පැවසුවේ එය යානයේ සිදු වූ සුළු කාර්මික දෝෂයක් නිසා ඇති වූ තත්වයක් බවත් එම සිද්ධියෙන් තම කණ්ඩායමේ කිසිවකුටත් උපද්‍රවයක් සිදු නොවූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!