Gallery

සුපිරි නළු රැජිනි ඛාන්ත් දේශපාලනයට පිවිසෙද්දී නාමල් රාජපක්ෂ මුලින්ම පිළිගත්තු හැටි මෙන්න

දකුණු ඉන්දීය සිනමාවේ සක්විති ලෙස සැලකෙන රැජිනි ඛාන්ත් දේශපාලනයට පිවිසෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඔහුට සුබපැතුම් ගලාගෙන එමින් තිබෙනවා.
ඒ අතර ඔහුට ලැබුුණු සුවිශේෂී සුබ පැතුමක් ගැන විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිිබෙන්නේ විදෙස් රටක සිට පළමු වරට රැජිනි ඛාන්ත් හට සුබපැතුම් ලැබී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය සුබපැතුම එක්කර තිබුණේ ට්විටර් පණිවුඩයක් හරහායි.
තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් ප්‍රිය කරන නළුවෙකු බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ සිනමාවක් සෙ අවසන් නොවන දිගුකල් පවතින දේශපාලන ගමනක් බවත් එම පණිවුඩයේ දැක්වෙනවා.
චෙන්නායි නුවරදී ප්‍රකාශයක් කරමින් ඉන්දීය සුපිරි දමිල නලු රැජිනි ඛාන්ත් තමන් දේශපාලනයට පිවිසෙන බව නිවේදනය කළා.
ඒ සමඟම රැජිනි ඛාන්ත්ගේ රසිකයින් වීථි පුරා සැරිසරමින් සතුට සැමරූ බවත් විදෙස් මාධ්‍ය වල දැක්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!