තරු හුට පට

සුදාරි සිතාරාට පහර දුන්නාද…?

 

අක්ෂා සුදාරී සහ මේනකා මධුවන්ති යන  ජනප්‍රිය රංගන ශිල්පිණියන් දෙදෙනා මොස්තර නිරූපිකාවක් වන  හංසි සිතාරාට නුගේගොඩ තිබෙන  සැලෝන් එකකදි පහර දුන්නා  කියන කතාව ක්ෂේත්‍රයේ මේ වන විට කතා බහට ලක්වෙලා තියෙන කතාවක්නේ.

ඉතින් ඒ කතාව ඇත්තද එහෙමත් නැත්නම් බොරුවක්ද කියලා බලන්න අපි අක්ෂා සුදාරීට කතා කරලා ඇහුවා.

එතකොට අක්ෂා අපිත් එක්ක කිව්වේ මෙන්න මේ වගේ දෙයක්.

“ඇත්තම කිව්වෝත් කතාව ගොඩාක් දුරට බොරු. මාත් එක්ක කවුරුහරි තියෙන ඉරිසියාවකට මඩ ප්‍රහාරයක් ගහන්න තමයි මේ වගේ වැඩක් කරලා තියෙන්නේ.

මොකද මීට කලින්නුත් ගොඩාක් මේ වගේ ප්‍රචාර ගියා. හැබැයි මේ වැඩෙනම් මට ලොකුවට බලපාන දෙයක් මං මේකට නීතිමට ක්‍රියාමාර්ග ගන්න තමයි හිතාගෙන ඉන්නේ.”

කෙසේ වෙතත් පසුගිය දිනකදී කාගේත් කතා බහට ලක්වුණ මේ සිද්ධියට මුහුණ දුන්  මෝස්තර නිරූපිකාව වන හංසි සිතාරා  මේ වන විට පොලිසියට ප්‍රකාශයක් නිකුත් කර ඇති බවට සමාජය තුළ කතා බහට ලක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!