Gossip

සිරකරුවන් 545 කට නිදහස් දා ජනපති සමාව.. පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිත් ඒ අතරද..?

71 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ වාර්තාව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සිරකරුවන් 545 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 545 දෙනෙකුට නිදහස හිමිව ඇති අතර හෙට (04) දිනයේ දී බන්ධනාගාර වලින් නිදහස් කරනු ලබන්නේ සිරකරුවන් 518 දෙනෙක් පමණි.
එයට කාන්තා සිරකරුවන් හතර දෙනෙකුද ඇතුලත් වන බව සඳහන්.
තවත් සිරකරුවන් 27 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමිවුවත් ඔවුන් කර තිබෙන වෙනත් වැරදි සඳහා මේ වන විට සිරදඬුවම් විදින බැවින් හෙට දිනයේ දී නිදහස් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 31, මහර 46, පල්ලෙකැලේ 36, අඟුණුකොළපැලැස්ස 11, වාරියපොළ 32, අනුරාධපුර 41ක් ඇතුළුව දිවයින පුරා පිහිටි බන්ධනාගාර වලින් ජනාධිපති පොදු සමාව හිමිවූ සිරකරුවන් නිදහස් කිරීමට නියමිතයි.
සුළු වැරදි සදහා සිරදඩුවම් විදින හා දඩ ගෙවා ගත නොහැකිව සිරදඩුවම් විදින සිරකරුවන් සදහා වසරකට දින 7 ක් බැගින් ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
වයස අවුරුදු 70 ට වැඩි සිරදඩුම වසර 10 කට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් ජනපති පොදු සමාව යටතේ පෙබරවාරි 4 වනදා නිදහස හිමිවන බවත් සඳහන්.
ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය වැරදි, සංවිධානාත්මක අපරාධ සහ බරපතල චෝදනා යටතේ සිරදඩුවම් විදින කිසිදු පුද්ගලයෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව නැහැ.
මේ අතර පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදිය යුතු බවට පසුගිය දිනවල බොහෝ දෙනෙකු ඉල්ලා සිටියා.
හෙට ජනපති සමාව හිමිවන අය අතර පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සිටිනවාද ?
මේ ගැන දැනගැනීමට අපි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!