Gossip

සැමියාගෙන් මට තහනමක් ආවා – හැමදේකටම වඩා මම එයා ගැන හොයලා බලනවා – සුරේනි ද මෙල්

සුරේනි ද මෙල් කියන්නේ ප්‍රසංග වේදිකාවේ ප්‍රාසාංගික අත්දැකීම නිරන්තරයෙන්ම එක් කරන දක්ෂ ගායිකාවක්. වේග රිද්මයට ගයන නිසාම ඇයව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් බවට පත් වෙලා තියෙන්නේ. වසන්ත සමය එක්ක ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙන ඇය මාධ්‍යයට කියලා තිබුණේ මේවගේ කතාවක්.

සුරේනි මේ දවස්වල කාර්ය බහුලම ගායිකාවක් නේද..?
ඔව්. සීසන් මාසෙට කොහොමත් ප්‍රසංග වේදිකාව එක්ක කාර්ය බහුලයි. මේ දවස්වල ප්‍රසංග වේදිකාවට නැගලා සින්දු කියන්න ලැබෙන ඇරයුම් වැඩියි. නමුත් තෝරා ගත් ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා.

දවසකට ප්‍රසංග වේදිකා කීයකට යනවද..?
ගොඩක් ආරාධනා ලැබුණත් දවසකට කරන්න පුළුවන් ප්‍රසංග සීමාවක් තියෙනවා. කටහඩ මහන්සි කරන්න බැහැ. අනික මට මහන්සි වෙන්නත් බැහැ. ඒ නිසා දවසකට ෂෝ දෙකක් භාර ගන්නවා. ප්‍රසංග ලග ප්‍රදේශ වල තිබුණොත් තුනක් හෝ හතරක් භාර ගන්නවා. ඊට වඩා නම් කරන්න අමාරුයි.

2018 අලුත් අවුරුද්දේ අලුත් වැඩකටයුතු ගැනත් කියමු..?
අලුත් අවුරුද්දට අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකක් එක්ක. මේක වෙනස්ම ගීතයක් වේවි. වේග රිද්මයට ගැයෙන ගීතයක්. ලස්සන වීඩියෝ එකක් කරනවා. මේ දවස්වල ඒ වැඩකටයුතු එක්කත් කාර්ය බහුලයි. ඒ වගේම 2018 ට ආගමේ ගීත ඇල්බමයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සුරෙනිගෙන් අලුත් සින්දුවක් කිව්වා ගමන්ම මතක් වෙන්නේ නර්තනය. රූපරචනයට ඔබට අනන්‍ය වූ නර්තනයත් එකතු කරගන්නවද..?
ඔව්. මේ ගීතයත් නටන්න තමයි ගයන්නේ. වේග රිද්මය එකතු වෙන නිසා බටහිර පන්නයට නර්තනයත් එකතු කරගන්නවා. හැමෝම බලාගෙන ඉන්නේ මගේ සින්දුවලට නටන්න. ඒ නිසා වීඩියෝ එකටත් නර්තනයත් එකතු කරනවා.

දේශීය වගේම විදේශය වශයෙනුත් ප්‍රසංග වලට ඇරයුම් ලැබෙනවද..?
පිටරටින් ප්‍රසංග වලට එන ආරාධනාවල අඩුවක් නැහැ. ඉස්සර වගේම තවමත් ආරාධනා ලැබෙනවා. ලගදිත් ගිහින් ආවේ. තව ආරාධනා ලැබිලා තියෙනවා යන්න.

සුරෙනි විදෙස් ප්‍රසංග වලට සහභාගී වෙන්නේ සැමියා එක්ක විතරයි කියලා සැමියාගෙන් වාරණ වැටිලා තියෙනවා කියන්නේ ඇත්තද..?
ඒ වගේ වාරණයක් සැමියාගෙන් ආවා. ඒ විවාහ වුණු මුල් කාලේ. නමුත් සමහර ප්‍රසංග වලට මගේ සැමියාටත් එක්ක වියදම් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ තත්ත්වය එයා තේරුම් ගත්තා. ඒ වගේම එහෙම වුණොත් මට ප්‍රසංග වලට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. මම කොහොමත් විදෙස් ප්‍රසංග වලට යද්දී ගායිකාවක් එක්ක යන්නේ. එහෙම නැති වුණොත් යන රටේ ඉන්න මගේ නෑදෑ හිතවතුන්ගේ ආරක්ෂාව යටතේ ඉන්නවා. පුළුවන් වෙලාවට සැමියා එක්ක යනවා.

දියණිය දැන් තේරුම් තියෙන වයසක ඉන්න නිසා ඔබව මගහැරෙනකොට ඇයගේ ප්‍රතිචාර වෙනස් වෙනවා ඇති..?
දුවට දැන් වයස අවුරුදු හයයි. ලබන මාසේ ඉදලා දෙවන වසරේ. මම ප්‍රසංග වලට රෑට යන නිසා ගොඩක් වෙලාවට එයත් එක්ක ඉන්න මට කාලය තියෙනවා. දුර පළාතක ප්‍රසංගයකට සහභාගී වුණොත් දුවව අම්මා ලගින් තියලා යනවා. ලගකට ගියොත් එයාව එක්කගෙන යනවා. ඒ වගේම මම පිටරටකට යනකොට දුව කියනවා එයාව මගේ අම්මා ලග තියලා යන්න කියලා. මට හා මගේ සැමියාට පස්සේ එයා කිට්ටු මගේ අම්මට නිසා. තාත්තත් ඉන්නවා අපේ උදව්වට. එහෙම කරදර කරන්නෑ දුව.

ඇයත් ඔබ වගේම ගායනයට දක්ෂ ඇති..?
මම ප්‍රැක්ටිස් කරනකොට එයත් මාත් එක්ක මගේ සින්දු කියනවා. මුමුණනවා. ඒ වුණාට පිරිසක් ඉස්සරහ සින්දු කියන්න ලැජ්ජයි. කැමති නැහැ. පාසලේදී වුණත් ඒ වගේ අවස්ථාවලින් මිදිලා ඉන්නවලු. සින්දු කියන්න පුළුවන්. ඒත් දක්ෂතා බලන්න වෙන්නේ එයා ටිකක් ලොකු වෙද්දී තමයි. දැන්ම කියන්න අමාරුයි.

දුවක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ වගකීමක්..?
ලොකු වගකීමක්. දුවව ආරක්ෂා කරන්න ඕන. එයා කනබොනවද මොනාද කරන්නේ කියලා අවදානයෙන් ඉන්න ඕන. දුවක් ඉන්නවා කියන්නේ මට නම් වගකීමක්. හැමදේකටම වඩා මම එයා ගැන හොයලා බලනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!