Gossip

ස්පාඥයේ තක්කාලි සැනකෙළිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින්- වීඩියෝ

ලා ටොමැටිනා නම් ස්පාඤ්ඤ වැසියන්ගේ තක්කාලි උත්සවයට මෙවරත් අතිවිශාල පිරිසක් සහභාගී වී ති
සෑම වර්ෂයක දී ම අගෝස්තු මාසයේ අවසන් බදාදා දින බුනොල් නුවර දී පැවැත්වෙන ලා ටොමැටිනා උත්සවයයි මේ.
දෙස් විදෙස් සංචාරකයින් අතර ලොව දැවැන්ත ම ආහාර සටන ලෙස ජනප්‍රිය එය ආරම්භ වී ඇත්තේ 1940 දශකයේ දී.

සාමාන්‍යයෙන් ‘ලා ටොමැටිනා’ උත්සවය ආරම්භ වන්නේ උදෑසන 11 ට පමණ යි.
තක්කාලි පුරවන ලද ට්‍රක් රථ නියමිත වේලාව ආසන්න වන විට නගරය මධ්‍යයේ පිහිටා ඇති ‘ප්ලාසා ඩෙල් පෙබ්ලෝ’ නම් චතුරස්‍රයට ළඟා වෙයි.
බොහෝ විට තක්කාලි තොග රැගෙන එන්නේ පෘතුගාල දේශ සීමාවේ පිහිටා ඇති එක්ත්‍රමදුරා නම් ප්‍රදේශයෙන්.

උත්සවයේ ආරම්භ සිදු වන්නේ නිර්භීත පුද්ගලයෙකු මහල් දෙකක් පමණ උසින් යුතු ග්‍රීස් ආලේප කරන ලද දැවමය කුලුන තරණය කර ඒ මත තැන්පත් කර ඇති හැම් කුට්ටිය ලබා ගැනීමෙන් පසු ව යි.
මෙසේ ඇරඹෙන ‘ලා ටොමැටිනා’ උත්සවය පැවැත්වෙන්නේ පැයක කාලයක් පමණ යි.
එම කාල සීමාව අවසන් වූ පසු කිසිවෙකුටත් තක්කාලි විසි කිරීමේ හැකියාවක් නැහැ.

උත්සවය අවසානයේ දී ගිනි නිවන රථ මගින් විදින ජලයෙන් සභභාගී වූ අය සහ නගරය පිරිසිදු කිරීම සිදු කරනවා.
ඇතැම් සංචාරකයින් පිරිසිදු වීම සඳහා බුනොල් ගංගාව වෙත යන අයුරු සුලබව දකින්න ලැබෙනවා.
කෙසේ වුව ද ‘ලා ටොමැටිනා’ උළෙල අවසානයේ තක්කාලිවල අන්තර්ගත වන අම්ල ස්වභාවය හේතුවෙන් නගරයේ වීදි ද මැනවින් පිරිසිදු වන බව සඳහන් වෙනවා.

‘ලා ටොමැටිනා’ උත්සවය වඩාත් විධිමත් කිරීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම සඳහා එයට සහභාගී වන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නීතිරීති මාලාවක් හඳුන්වා දීමට බුනොල් නුවර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!