Gossip

සහරාන් හෂීම්ගේ මස්සිනා සෞදි අරාබියේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්සේවය පවසනවා.

සහරාන්ගේ මස්සිනා සෞදි අරාබියට ගොස් ඇත්තේ ෂහනවාජ් යන නමකින් පෙනී සිටිමින් බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරින් වෙත දැනුම්දීමක් කර ඇති බවයි එම පුවත් සේවයේ වැඩිදුරටත් දැක්වුණේ.

ශ්‍රී ලංකාවේ ප්‍රහාරය තම මෙහෙයුමක් බවට අයි.එස්.සංවිධානය ප්‍රකාශ කළ අතර, ඉන්දියාව ද තම රටේ අයි.එස්.ක්‍රියාකාරකම් ගැන දැන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!