Gossip

සහරාන්ලාගේ අවි පුහුණු ස්ථාන ගැන තවත් තොරතුරු හෙළි වෙයි – මෙන්න විස්තරය

‘‘පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ ත‍්‍රස්තාවාදීන් විසින් අවි පුහුණුව සඳහා භාවිත කළ සාම්පූර් ප‍්‍රදේශයේ ස්ථානයක් සහ පුත්ලම ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය අන්තවාදී සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදාළ විමර්ශන යටතේ මේ වන විට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන සිටින සැකකරුවෙකු විසින් දී ඇති තොරතුරුවලට අනුවයි’’ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. පුත්තලම ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය බව කියන අන්තවාදී සංවිධානය පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කරුණු අනාවරණ කළේය. සහරාන් හෂීම් නමැති ත‍්‍රස්තවාදියා සහ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිපදෙනෙකු මෙම සංවිධානයේ සාමාජිකයන්ට දේශන පවත්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරස අවදානම හමුවේ පනවා ඇති ඇඳිරිනීතිය නීති්‍යානුකූල පසුබිමකින් තොරව ක‍්‍රියාත්මක වන බවට ඇතැම් පාර්ශව එල්ල කර ඇති චෝදනාවන්ට ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රතිචාර දැක්වීය. ඇඳිරිනීතිය පැනවීම සහ ඊට අදාළ සියලූ‍ පියවර නීත්‍යානුකූල පසුබිමක් යටතේ ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!