Gossip

සල්ලි තියලා බඩු අරන් යන විජේරාමේ අමුතු හොරු තවත් ප්‍රදේශ රැසකින් වැඩ අල්ලයි

දින කිහිපයකට පෙර විජේරාම ප්‍රදේශයේ කොමිනියුකේෂන් එකක් කඩා සූක්ෂම ලෙස සිදු කළ සොරකම වැනිම තවත් සොරකම් පෙළක් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙනවා.
මේ සියල්ල වෙළෙඳ සැලේ සීසීටීවී කැමරා ආරක්ෂක පද්ධතියේ සටහන්ව තිඛෙනවා.
මෙම සොරකම් කිහිපයක පොදු කාරණය නම්, සොරකම් කළ දේ සඳහා මුදල් තබා යාමයි.
මෙම අමුතු සොරකම් සියල්ල නිසි සැලසුමකට අනුව සිදු කළ එකක් බව සීසීටීවී දර්ශනවලින් හෙළිවන බව බලධාරීන්ගේ මතයයි. වෙළෙඳ සැලේ වටිනා දේවල් කිසිවක් සොරකම් නොකිරීම පිළිබඳව අභිරහසක් පවතින බව පරීක්ෂණ මෙහෙයවන පිරිස් පවසන අතර පරීක්ෂණ සියල්ල අවසන් වන තුරු සම්පූර්ණ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකරන බව වැඩිදුරටත් ඔවුන් පවසනවා.
තරුණයෙක් රාත්‍රී කාලයේ කොමියුනිකේෂන් එකක් අසලට පැමිණෙන ආකාරයත්, ඔහු එයට ඇතුලූ වෙමින් කවුන්ටරය අසල පිහිටි ලාච්චුවෙන් යමක් සොරකම් කරන ආකාරයත් පැහැදිලිවම සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙනවා.
වෙළෙඳසැලේ මෙතරම් වටිනා උපකරණ තිබියදී වෙනත් දෙයක් සොරකම් කළේ ඇයි දැයි සැමට ගැටළුවක් වී තිඛෙනවා.
මෙවැනිම සොරකම් පෙළක් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වෙන අතර, මෙම සොරුන්ව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. සීසීටීවී දර්ශන අනුව සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් සොරුන් පිළිබඳව තොරතුරු වෙතොත් වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!