Gossip

සරාගී නිළි සනී ලියෝන්ව ගිනි තබා විනාශ කරයි – ඡායාරූප මෙන්න – ඉන්දියාවම උණුසුම් වෙයි

සරාගී නිළි සනී ලියෝන් එළැඹෙන දෙසැම්බර් 31 වන දින ඉන්දියාවේ බැංගලරු ප්‍රදේශයේ පවත්වන්නට නියමිත 2018 නව වසර උදාවේ උත්සවයට සහභාගීවීම නවත්වන්නැයි ඉල්ලමින් විරෝධතා කරුවන් පිරිසක් ඇගේ ඡායාරූප ගිනිතබමින් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

එම ප්‍රදේශයේ මේ දක්වා පැවති නව වසර උදාවේ උත්සව ඉතා චාම් ලෙස පැවැත් වූ බවත් කාන්තාවන් සාරි පමණක් හැඳගෙන පැමිණි විනීත උත්සවයක් වූ බවත් කර්ණාටක රක්ෂණ වේදික යුව සේනා නමැති මෙම සංවිධානය පෙන්වා දෙනවා.

නමුත් සනී ලියොන් එහි කොට ඇඳුම් ඇඳගෙන ඇවිත් විකාර කරනු ඇති බවත් ඇඳුම වෙනස් කරන් ආවත් ඇයගේ නිල් චිත්‍රපට ඉතිහාසය නිසා ඇය වැනි තම සංස්කෘතියට නොගැළපෙන කෙනෙකුට එවැනි වැදගත් උත්සවයකට කැඳවීම ගැළපෙන්නේ නැති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

සනී ලියෝන් මෙම විරෝධතාව නොතකා මෙම උත්සවයට පැමිණියොත් ඔවුන් දිවිනසාගන්නා බවටද තර්ජනයක් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!