Gossip

” සම මතුපිට කොරෝනා පැය 9 ක් ඉන්නවා.. ” – තත්පර 15 ක් ඇතුලත කොවිඩ් වෛරසය විනාශ කරන හැටි මෙන්න 

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය විෂබීජවලට නොනැසී පැය 9 ක කාලයක් මිනිස් සම මත රැදී පැවතිය හැකි යැයි ජපන් වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කරනවා.
සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සා තත්ත්වයන් ඇති අය වෛරසය විෂබීජ සම මතුපිට රැදී පවතින්නේ පැය දෙකක් හෝ තුනක් පමණක් නමුත්, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස විෂබීජ අනෙක් සියළු වෛරස විෂබීජවලට වඩා ප්‍රබල යැයි පර්යේෂකයෝ පැහැදිලි කරයි.
කෙසේ නමුත් එතනෝල් සහිත විෂබීජ නාශක දියර භාවිත කිරීමේදී කොවිඩ් 19 වෛරස විෂබීජ තත්ත්පර 15 ක් ඇතුලත විනාශ කර හැකි බවද ජපන් වෛද්‍ය පර්යේෂකයෝ සිදුකළ පර්යේෂණ අනුව පවසනවා.
කොවිඩ් 19 වෛරසය සමේ රැදී පැවතියත් එය සිරුරට ආසාදනය වීම සම හරහා සිදු නොවෙයි.. වෛරසය ශරීරගත වන්නේ නාසයෙන් මුඛයෙන් සහඇස්වලින් පමණි.
වෛරසයෙන් බේරීමට නම් මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය මීටරයකට හෝ මීටර් දෙකකට වඩා පවත්වා ගැනීම, මුහුණ ස්පර්ශ කරන බැවින් දැත් නිරතුරුව පිරිසිදුව තබා ගැනීමට සෞඛ්‍ය උපදෙස් ලැබෙන්නේ එහෙයිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!