Gossip

සමහර වේලාවට මගේ පුද්ගලික ජීවිතය රහසිගතව වගේ ගෙවන්නේ ඒ නිසා – විරාජ් පෙරේරා

විරාජ් පෙරේරා කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් හැමෝම අතර ජනප්‍රිය ගායකයෙක් වෙලා. ඉතින් විරාජ් තමන්ගේ අලුත් විස්තර සහ පෞද්ගලික විස්තර පුවත්පතක් හමුවේ කියලා තිබුනේ මේ විදියට.

ගායන ලෝකයේ පවතින “තරුවක්‌ වීමේ” සිහිනය ලුහුබැද ආ ඔබ, අවසන එය සැබෑවක්‌ කර ගන්නවා…
ඔව්. මට පුංචිම කාලයේ ඉදලා ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. අම්මාත්, තාත්තාත් මාව ඒ වෙනුවෙන් දිරිමත් කළා. ඇත්තටම ගායකයකු වීම මට ලොකු සිහිනයක්‌ව තිබුණු දෙයක්‌. ඒ හීනය සැබෑවක්‌ කර ගන්න තාත්තා විශාල ලෙස උපකාර කළා. ඔහු හැම මොහොතකම මගේ උපතින් ගෙන ආ ගායන දක්‌ෂතාව මුවහත් කර ගැනීම සඳහා ප්‍රසංග වෙනුවෙන් මාව යොමු කළා. මම පුංචි කාලයේදී ම ‘සීදූව සකුරා’ සංගීත කණ්‌ඩායම සමග වේදිකාවේදී ගීත ගායනා කළා. එක්‌ වරක්‌ ගී ප්‍රසංගයක්‌ පවත්වා අවසන් කරන්න නොහැකි වුණේ පැමිණ සිටි පිරිස වැඩි වූ නිසා. අන්තිමට එකම ප්‍රසංගය දෙවරක්‌ ඉදිරිපත් කරන්න සිදු වුණා. මම අධ්‍යාපනය ලැබුවේ මීගමුවේ මාරිස්‌ටෙලා විද්‍යාලයේ. එහි හොස්‌ටල් එකේ නැවතිලා තමයි මම අධ්‍යාපන කටයුතු සිදුකළේ”

ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ පාපන්දු කණ්‌ඩායම නියෝජනය කළ ඔබ පාපන්දුවට පයින් ගසා මයිකෆෝනය තුරුලු කර ගන්නවා….
ඇත්ත. පාපන්දු කණ්‌ඩායමේ ඉන්න කොටත් මම හිතුවේ ඉදිරියේදී කරන දේ ගැන. අපිට ලොකුවට සල්ලි තිබුණේ නැහැ. ගීත ගයලා මිනිහෙක්‌ වෙන්න පුඵවන් වෙයි කියලා හිතුවෙත් නෑ. නමුත් තාත්තාගේ හීනය සැබෑවක්‌ කළ යුතු බවට මට ලොකු අදිටනක්‌ තිබුණා. අපේ ගායන ලෝකය තරගකාරී තැනක්‌ නිසා සිහිනය බොද වෙයි ද කියලත් විශාල බයක්‌ තිබුණා.

නමුත් ඔබ කම්පියුටරයක්‌ අරන් සිහින හඹා යැම “හිමින් සැරේ” ආරම්භ කරනවා…
ඇත්තටම ඔව්. මම කම්පියුටරය අරගෙන තනිවම ගීත හදන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලය විදිහට “හිමින් සැරේ” ගීතය මා අතින් ලියවෙනවා. සංගීතයත් මගේ. නමුත් මේ කාල සීමාවේ කවුරුවත් මාව දන්නේ නැහැ. මම වීඩියෝ එකකුත් කළා. මම හිතුවේ ගොඩ යැමේ මාර්ගය මෙතැනින් ආරම්භ කරන්න පුඵවන් වෙයි කියලා. නමුත් මම නවකයකු වූ නිසාවෙන් බලාපොරොත්තු වූ සහාය ලැබුණේ නැහැ. ඒ නිසාම ද කොහෙද අම්මා කිව්වා රස්‌සාවක්‌ හොයා ගන්න කියලා.

නමුත් ඔබ වෙනසක්‌ සමගින් ගමන අලුතින් ආරම්භ කළා…
ඔව්. මට “හයි රේන්ඡ්” එකේ ගීත ගයන්න පුඵවන් නිසා “බොඩිගාඩ්” කියන ජනප්‍රිය භාරතීය චිත්‍රපටයේ “තේරී මේරී” නම් වූ ගීතය “මාගේ දැසින් වැටෙනා හැම කදුළක්‌ පාසා මට සිහිවන්නේ…” කියලා සිංහලෙන් පදවැල් යොදලා ගායනා කළා. මේ ගීතයට රේන්ඡ් එක හදා ගන්න මාසයක්‌ පමණ පුහුණු වුණා. පසුව පටිගත කරලා එළියට දැම්මෙ විශාල බයකින්. ඒත්.. ඒ වැඩේ නම් පත්තු වුණා. මගේ හඩත් ප්‍රසිද්ධ වුණා වගේම මාවත් රසිකයන් අතරට ගියා. ඊට පස්‌සෙ ආරාධනා ගලා ගෙන ආවා. මගේ ආර්ථික පැත්තත් විසෙදන්න පටන් ගත්තා. මට අම්මාට සහ මගේ පවුලට සලකන්න පුඵවන් තත්ත්වයක්‌ උදා වුණා. මම ස්‌ටූඩියෝවක්‌ පටන් ගත්තා. ඊට පස්‌සෙ අම්මා කිව්වා ගායනය පැත්තෙන් යන ගමන හොද නිර්මාණ හරහා වේගවත් කර ගන්න කියලා. දැන් ඒ ගමනේ 7 වැනි වසරත් පහු කරලා ඉවරයි.

‘ඒක්‌ විලන්’ හින්දි චිත්‍රපටයේ ‘තේරී ගලියා’ නම්වූ ආදරණීය ගීතය විරාඡ් පෙරේරාව තව තවත් ඉදිරියට ගෙන ගියා යෑයි මා කීවොත්…
“තේරී ගලියා” ගීතය තමයි “හදවත ගැහෙනා ගැහෙනා මොහොතක්‌ පාසා” කියලා මා අතින් සිංහල තනුවට ගායනා කෙරෙන්නේ. මේ ගීතය සුවිශාල ලෙස ජනාදරයට පත් වෙනවා. කොහොමටත් මම ගීතයක්‌ කරන්නේ අවු( 2කට විතර පස්‌සේ. මේ ගීතය ගායනා කිරීමත් සමඟ මාව “හිට්‌” වුණා. ප්‍රසංග විශාල ලෙස ලැබුණා. හුගක්‌ අය මගේ හඩ ගැන කතා කරන්න පටන් ගත්තා. ඊට පසුව ඩිලාන් ගමගේ සමග “තනිකඩයි තාම මං” , “තහනම්” සහ “ඔයාට මාව එපා නම්” ගීත එළි දැක්‌වූවා. මේ ගීත රිංග් ටෝන් වෙනුවෙන් ලබා දීලත් මුදල් හොයා ගත්තා. ඒ වගේම ගී සියල්ලම රසිකයින් අතරටත් ගියා. මම කියපු ගීතවලින් අකැමැතිම ගීතය තමයි “ඔයාට මාව එපා නම්” ගීතය. නමුත් මගේ රසිකයින්ට ඒක එහෙම වුණේ නැහැ.

ඔයාට මාව එපා නම් කියලා කිව්වට ඔබ අද ප්‍රේමවන්තයෙක්‌…?
ඔව්. මම පෙම්වතෙක්‌. කොල්ලෙක්‌ වුණාම කෙල්ලෙක්‌ ඉන්නවා කියලා කියන එක අරුමයක්‌ නෙවී. අනික එහෙම නෑ කියලා මට බොරු කියන්නත් බැහැ.

අද අප දකින ගීතවල ඇති රූප රචනා තුළ බොහෝ නොගැලපීම් තිබෙන බව පෙනෙන්නට තිබීම සුළබ දසුනක්‌ නේද…?
මේ ක්‍රමය අද විශාල ලෙස භාවිතයට අරගෙන තියෙන්නේ සමාජ මාධ්‍ය තිබෙන නිසා. නමුත් ගීතවලට අදාළ නොවන ජවනිකා ඇතුළත් කරලා ජනප්‍රිය වෙන්න යැම පිළිකුළෙන් හෙළා දැකිය යුතු වෙනවා. මමත් මගේ ගීත 6කට රූප රචනා එකතු කළා. නමුත් ඒ ගීත හිට්‌ කරන්න අනවශ්‍ය රූප රචනා යොදන්න මා කිසි විටෙක උත්සුක වුණේ නැහැ.

ඔබත් අද ගායන ලෝකයේ මිලක්‌ තියන ගායන ශිල්පියෙක්‌…?
ඇත්තටම අපි සිංදු කියන්නේ රසිකයාට. ඉතිං එහෙම සිංදු කියලා සල්ලි ගන්න මට ලොකු ලැඡ්ජාවක්‌ තිබුණා. නමුත් මිලක්‌ නොගත්තොත් අපිට පහළට වැටෙන්න වෙනවා. පිළිගැනීම නැති වෙනවා. මේ සමාජයේ මවාපෑම් වැඩියි. මම මුලින්ම ප්‍රසංගවලට ගියේ මගේ පොඩි “පැන්ඩා” කාර් එකෙන්. නමුත් දැන් මම ෆිනෑන්ස්‌ එකක්‌ දාලා හොද කාර් එකක්‌ ගත්තා. දැන් මිනිස්‌සු මා දිහා බලන්නේ එදාට වැඩිය වෙනස්‌ විදිහට. මම පාරේ බස්‌ එකේ යන්න ආසයි. එහෙම ගියාම මිනිස්‌සු අහනවා ඇයි කාරෙක කැඩිලද නැත්නම් විකුණුවද කියලා. ඉතිං….මෙවැනි සමාජ වටාපිටාවක සරල ජීවිතයක්‌ විදින්න ඉතාමත් අපහසුයි.

තවත් ලොකු ආශාවක්‌ තියනවා කිව්වා ඔබට ඉටු කර ගන්න. ඒ ගැනත් කියලා අපි අදට මේ කතාව නතර කරමු…
තාත්තගෙයි, අම්මගෙයි ආශීර්වාදයෙන් පවුල ගොඩ ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මම මේ ගමන ඉදිරියට ආවේ. මගේ ජීවිත කතාව චිත්‍රපටයක්‌ වගේ නිසා ඇත්තට ම ඒ වෙනුවෙන් චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය අනාගතයේදී එළි දැක්‌වෙනවා. මට ඕනෑ ප්‍රශ්නවලින් තොර ජීවිතයක්‌ ගෙන යන්න. කාටත් ප්‍රශ්න තියනවා. නමුත් හැමෝට ම ඒවා අවම කර ගන්න බැරිකමක්‌ නෑනේ. මම සමාජයට වැරැදි කරන්න බයයි. සමහර වේලාවට මගේ පුද්ගලික ජීවිතය රහසිගතව වගේ ගෙවන්නේ ඒ නිසා. සිහිනයක්‌ වගේ තිබුණු ගමනක්‌ මම අද සැබෑවක්‌ කර ගනිමින් යමින් සිටිනවා. ඒ ගමනට ඇප කැප වූ හැම දෙනාටමත් මගේ දයාබර රසිකත්වයටත් හදවතින්ම කෘතවේදී වෙන්නට මෙය මට ලැබුණු විශේෂ අවස්‌ථාවක්‌ කර ගන්නට කැමතියි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!